hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 11, පෙ.ව. 12:04



අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු මාධ්‍ය මගින් විකාශය කිරීමට අදාළව පොලිස්පතිවරයා විසින් ලිඛිතව නිකුත් කර ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ නොතකමින් ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවකු කරන පාපෝච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අඅත්අඩංගුවට ගත් අතුරුගිරිය පච්ච කෙටීමේ මධ්‍යස්ථානයේ හිමිකරු පොලිස් නිලධාරීන් හමුවේ කරන ප්‍රකාශයකි.

සැකකරු විසින් පච්ච කෙටීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට ලබාගත් උපකාර සහ විවෘත කිරීම සඳහා අමුත්තන්ට ආරාධනා කළ ආකාරය පිළිබඳ තොරතුරු හෙළි කරන ආකාරය එම වීඩියෝවෙන් දක්නට ලැබෙනවා.

ඩුබායි සිටින ‘පැටී’ නැමැත්තකු පච්ච කෙටීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට මුදල් සැපයු බව සැකකරු සිය සාක්ෂියේදී හෙළි කළා.

කෙසේවෙතත් සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාව සිටියදී 2022 වසරේ නිකුත් කර ඇති ලිපියකින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු සමස්ත පොලිසියටම උපදෙස් ලබා දී ඇත්තේ සැකකරුවන් කරන ප්‍රකාශ මාධ්‍ය මගින් විකාශය වීම නඩු කටයුතුවලට අගතිදායක ලෙස බලපාන බවයි.

එසේම එවැනි සිද්ධි පිළිබඳ මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ලැබී ඇති බව එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියේ සැකකරුවකු කරන පාපෝච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ මෙවැනි උපදෙස් පොලිසියට ලැබී තිබියදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: