hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 26, ප.ව. 1:23



විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලා ඊයේ (25) සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූවා.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වසන්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  සමග යාපනය රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණා.

යාපනය රිම්මර් මණ්ඩපය අසලට සාමාන්‍ය වැසියන් විශාල පරිසක් විරෝධතා පාගමනකින් පැමිණ විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සියලු සාමාජිකයින්ට වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටයි.

එහිදී විරෝධතාවයේ නිරතවූවන් වැඩිදුරටත් පවසා සිටියේ,

උතුරේ අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ඉඩම් ගැටලු ආදිය වසර ගණනාවක් පැවතියද කිසිදු විසඳුමක් නොලැබුනද යාපනයේ මෙන්ම උතුරේ ජනතාවට අරගලයන් හෝ ප්‍රචණ්ඩත්වයන් අවශ්‍ය නොවන බවටත් උතුරේ වැසියන් අතර නැවත ප්‍රචණ්ඩත්වයක් ඇති නොකර වහාම යාපනයෙන් පිටත්වන ලෙසටයි.

මේ අතර යාපනයට පැමිණි වසන්ත මුදලිගේ ඇතුලු ක්‍රියාකාරීන් පිරිස අදාල සාකච්ඡාව කඩිනමින් පැවත්වා අවසන් කිරීමට පියවර ගෙන තිබුණා.