hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 අප්‍රේල් 27, ප.ව. 5:02



වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජානපදයට ඇතුළුවීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නියෝගයට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්රෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල 2023 අප්‍රේල් 27 වැනි දින එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් වෙත ප්‍රකාශ කළ බවයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එක්සත් ජනපදය විසින් එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සාකල්‍ය ප්‍රවේශයට බලපෑමක් එල්ල වන බව විදේශ කටයුතු අමාතයාංශය පවසනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමෙහිලා රජය ලබා ඇති ප්‍රත්‍යක්ෂ ප්‍රගතිය පසුබිම් කරගෙන මෙම නිවේදනය නිකුත් වීම ද අවාසනාවන්ත තත්ත්වයක් බවද  එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධානය, ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.