hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 19, පෙ.ව. 8:57



අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන අතරතුර 12 දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අතර ස්වාමීන් වහන්සේ නමක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, මෙන්ම රංගන ශිල්පියකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු අද පස්වරුවේ පැවැති මෙම විරෝධතාව අතරතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

වසන්ත මුදලිගේ යතුරුපැදියකින් පලායමින් සිටියදී පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහු ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන තිබුණේ ගෑස්පහ හන්දිය ආසන්නයේදීයි.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් නිදහස් කිරීම, බඩුමිල අඩු කිරීම මෙන්ම මහජන කවුන්සිලය ගොඩනැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී ඊයේ විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණා.

මේ අතර අධිකරණයේ පෙනී නොසීටීම හේතුවෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත් අන්තරේ සභාපති වන වසන්ත මුදලිගේ ඇතුළු පිරිස් නිදහස් කරන ලෙස බලකරමින් කැළණි හා අග්නිදිග සරසවි වල සිසුන් රාත්‍රියේම වීදි බැස තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: