2026 ජූනි 30, ප.ව. 1:01
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විහාරස්ථානය වෙත පැමිණි සැනින්ම තමන් වහන්සේලා සමඟ අතිශය සුහදව කතාබස් කරමින් පරිභෝජනය සඳහා විහාරස්ථානයේ දානය ඉතිරිව තිබේදැයි පිළිබඳව විමසා සිටින බව තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි පවසනවා.
තමන් වහන්සේලා සමඟ කල්‍යාණ මිත්‍රයෙකු ලෙස සමහර අවස්ථාවලදී විහාරස්ථාන වෙත පැමිණෙන මෙවැනි ජනතා නියෝජිතයන් පිළිබඳව ජනාධිපතිවරයා කුමන අදහසක් දරන්නේදැයි නොදන්නා නමුත් වර්තමානයේ විහාරස්ථානවල පැවැත්ම සහ පාලනය පිළිබඳව සොයා බැලීමට පැමිණෙන මෙවැනි වෙනස්ම ආකාරයක අමාත්‍යවරුන් සිටින බව උන්වහන්සේ සඳහන් කළා.
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා අමාත්‍ය ධූරය ලබා ගැනීමෙන් පසුවද තන්තිරිමලේ පුදබිම වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරමින් තන්තිරිමලේ චන්ද්‍රරතන හිමි කියා සිටියේ එතුමා තුළ පවතින සැබෑ ලෙන්ගතුකම සහ අපේකම එම ක්‍රියාවන් තුළින් මනාව පෙන්නුම් කරන බවයි.
මෙලෙස රටේ වගකිවයුතු අමාත්‍යවරයෙකු තමන් වහන්සේලා සමඟ කිසිදු බේදයකින් තොරව අතිශය සුහදව කටයුතු කරමින් විහාරස්ථානය වෙත පූජා කරන ලද දානයෙන් බත් කටක් අනුභව කිරීමට පැමිණීම මහා සංඝරත්නය ලෙස තමන් වහන්සේලාට මහත් ආඩම්බරයක් සහ සතුටක් ගෙනදෙන කරුණක් බවද චන්ද්‍රරතන හිමි පවසනවා.
2026 ජූනි 30, ප.ව. 1:15
2026 ජූනි 30, පෙ.ව. 11:15
2026 ජූනි 30, පෙ.ව. 9:56
2026 ජූනි 30, පෙ.ව. 12:17
2026 ජූනි 30, පෙ.ව. 12:12