2023 මාර්තු 22, පෙ.ව. 11:16
මෙරට ජනතාව භාවිතයට ගන්නා පානීය ජලයෙන් සියයට හතළිහක (40%) පමණ ප්‍රමාණයක් එම ජල පාරිභෝගිකයන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අපතේ යන බව ජල සම්පාදන අමාත්‍යාංශයේ සාමූහික සංවේදන කළමනාකරු සරච්චන්ද්‍ර මුතුබණ්ඩාර මහතා පැවැසුවා.
මෙසේ අපතේ යෑම් වැඩි ප්‍රමාණයක් නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන බව ඊට අදාළ වාර්තා මඟින් තහවුරු වන බවද ඔහු ප්‍රකාශ කළා.
කැඩී බිඳී ගිය ජල කරාම අලුත්වැඩියා නොකිරීම, වාහන සේදීම, වගාවන් වැනි කටයුතු සඳහා යොදා ගැනීම යන කරුණු කාරණා හේතුවෙන් පානීය ජලය එසේ අපතේ යන බවද කළමනාකාරවරයා පැවැසුවා.
ජල මූලාශ්‍ර මඟින් ලබාගන්නා ජලය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂිත වන බවත් එම ජලය පානීය ජලය බවට පත් කිරීම සඳහා දැඩි වෙහෙසක් ගැනීමට මෙන්ම වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසුවා.
2026 අප්‍රේල් 29, ප.ව. 5:40
2026 අප්‍රේල් 29, ප.ව. 1:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:14
2026 අප්‍රේල් 29, පෙ.ව. 11:11
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:38