2026 ජූනි 24, පෙ.ව. 12:08
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්.
ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ අද (24) ප.ව. 6 සිට හෙට (25) ප.ව. 6 දක්වා පැය 24ක කාලයක් පහත දක්වා ඇති ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි. එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ ලෙස, ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත, සහ මහරගම දක්වා ඇත.
එමෙන්ම ජල සැපයුම අත්හිටු වීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත.
2026 ඔක්තෝබර් 29, ප.ව. 4:16
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:28
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:08
2026 ඔක්තෝබර් 29, ප.ව. 2:42
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:46
28-10-26
28-10-26
21-10-26
21-10-26
06-10-26
06-10-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
26-09-26
26-09-26