hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 29, පෙ.ව. 8:15



ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයට අයත් නිල නිවාස සංකිර්ණයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සදහා වෙන්කොට ඇති නිල නිවාසයකින් විදුලි ගාස්තු වශයෙන් රුපියල් එක්කෝටි විසිලක්ෂ පනස්හයදහස් අටසියතුනක මුදලක් (12,056,803) හා ජල ගාස්තු වශයෙන් රුපියල් දාහත්ලක්ෂ හෑත්තෑඅටදහස් හත්සියවිසිදෙකක (1,778,722) මුදලක් හිගව පවතින බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල මෙම වර්ෂයේ මැයි මස 31 දිනට හිගව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඉදිරියේ දි හිග බිල්පත් ගෙවිමට අදාළ පදිංචිකරු  අපොහොසත් වුවහොත්  හිග මුදල් සදහා වන අවසන් වගකිම  භාරගැනිමට  කාර්යංශයට  සිදුවනු ඇති බවද විගණන වාර්තාවේ සදහන්.

මේ පිළිබද කාර්යංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ නියමිත වෙලාවට බිල්පත් ගෙවිම  කුලි නිවැසියන්ගේ වගකිමක් බවත් ගෙවිය යුතු මුදල් අයකරගැනිම සේවා සපයන්නන්ගේ කාර්යයක් බවයි.

මෙම නිල නිවාස සංකිරණය කොළඹ 07, සරණ පාරේ පිහිටා ඇති අතර නිවාස එකක 15කින් සමන්විත වෙනවා.

මෙහි නිල නිවාස 03ක්, 2004 හා 2015 යන වර්ෂවලදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 03 දෙනෙකුට වෙන්කර දි තිබුණා.

මින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙකු  2022 ජුලි දක්වා කුලි නිරවුල්කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා. 

එමෙන්ම  මෙම නිවාස සංකිර්ණයෙන් ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකුට වෙන්කරනු ලැබු නිල නිවාසය සදහා  2011 ජනවාරි මාසයේ සිට මේ දක්වා කිසිදු කුලි මුදලක් අයකරගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මේ සම්බන්දයෙන් කාර්යංශයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ මෙම නිල නිවාසය මහවැලි සංවර්ධන අධිකාරිය වෙත වෙන්කොට ඇති බවත් 2010 වර්ෂය දක්වා සියලුම කුලි මුදල් ගෙවා ඇති බවයි.

2011 වසරින් පසු  කුලි මුදල් කිසිවක් ලැබි නොමැති අතර  නිල නිවාසයේ නඩත්තු කටයුතු මහවැලි අධිකාරිය විසින් සිදු කරනු ලබන බව කළමනාකාරිත්වය විසින් සදහන් කොට තිබෙනවා.

මෙම නිල නිවාස සංකිර්ණය ඉහල ආර්ථික වටිනාකමක් ඇති මධ්‍යස්ථානයක පිහිටා තිබුනද 2020 සහ 2021 යන වර්ෂයන් වලදි කාර්යංශය උපයා ඇති මුළු කුලි ආදායම පිළිවෙළින්  රුපියල් 1,803,878ක් හා  රුපියල් 1,966,976ක මුදලක් බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

මෙහි මුළු කුලි ආදායම මුළු වත්කම් වටිනාකම සමග සසදන විට එය නියෝජනය කරන්නේ මුළු වත්කම් වටිනාකමින් 0.2%ක් පමණි.

වැඩි ආර්ථික වටිනාකමක් ඇති මෙම දේපළෙන් උපරිම ප්‍රයෝජන ගැනිමට කාර්යංශයේ අවධානය යොමුවිය යුතු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

ඉංජිනේරුමය, කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය කොට තිබුණා.