hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 20, පෙ.ව. 7:12



විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් සියයට 35 ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව එම මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

නව විදුලි ගාස්තු සංශෝධනය සමග මෙම පිරිවැය තවත් වැඩිවනවා.

කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වනවා.

දිවයින පුරා ජල පාරිභෝගිකයෝ ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටිනවා. ඉන් සියයට අනූ දෙකක් ගෘහස්ථ ජල පාරිභෝගිකයෝ වන අතර ඉතිරි සියයට 8 ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්.

මේ අතර ජල බිල්පත් ගෙවීම පැහැර හැරීම විශාල වශයෙන් වැඩි වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.