hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 07, ප.ව. 3:06



විරෝධතාවයන් මැඩ පැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන නවතම ජල ප්‍රහාරක රථයක් (water canon) හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වා තිබෙනවා.

මෙම රථය පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය වෙනුවෙන් ගෙන්වා ඇති අතර පසුව මෙය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ විශේෂ ආරක්ෂාව යටතේ පසුගිය 06 වන දින හම්බන්තොට වරායෙන් රැගෙන ගොස් තිබෙනවා.

මෙම ජල ප්‍රහාරක රථය (water canon) ඉන්දියාවෙන් ගෙන්වූ බව ද  වාර්තා වෙනවා.

විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්දියාවෙන් ණයපවා ලබාගෙන තිබෙන පසුබිමක මේ ආකාරයෙන් එම මුදල් රටේ ජනතාව මර්දනයට යෙදවීමට වියදම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ද එය දැඩි සේ විවේචනයට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමසීමට ඒෂියන් මිරර් අපි පොලිස් මුලස්ථානයේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වුණා.

(හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)