hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 1:00



අද (25) දිනයේ පැය 9ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර – දකුණ), මොරන්තුඩුව, බෝම්බුවල පිලමිනාවත්ත, දර්ගානගරය, බෙන්තොට, අළුත්ගම, කළුවාමෝදර සහ බේරුවල යන ප්‍රදේශවලට අද දිනයේ ජලසැපයුම අත්හිටුවනු ඇති.

අද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.

කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ හා බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.