2023 ජූලි 15, පෙ.ව. 1:14
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පෙරවරු 8 සිට රාත්‍රි 10 දක්වා පැය 14ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 1 සිට 4 දක්වා සහ 7 සිට 15 දක්වා යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මාලිගාකන්ද හා එලිහවුස් ජලාශ වෙත ජලය පොම්ප කරන පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම් පද්ධතියේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්තු 26, පෙ.ව. 12:12