hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 10:43



ඓතිහාසික බලංගොඩ කූරගල රජමහා විහාරාධිපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහලගල රජ මහා විහාරාධිකාරී කර්මාචාර්‍ය පූජ්‍ය වතුරකුඹුරේ ධර්ම රතන ස්වාමීන් වහන්සේ වෙත අස්ගිරි මහා මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක සංඝ සභාව මගින් රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිලිබද සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය පෙරේදා (14) පස්වරුවේ අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරුණා.

අදාල පදවිය උන්වහන්සේට පිරිනැමීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජ මහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරතන නාහිමියන් කළ යෝජනාව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් විසින් ස්ථිර කරනු ලැබ අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ ඒකමතිකව අනුමත කිරීමට අනුව සිදුව තිබෙනවා.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, අනුනායක හිමිවරුන් වන වේඩරුවේ උපාලි, ආනමඩුවේ ධම්මදස්සි, ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද යන නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව, මල්වතු මහා විහාර අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි,පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමල ධම්ම, ලේඛකාධිකාරී පූජ්‍ය පහමුනේ පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිවරු ප්‍රමුඛ මල්වතු මහා විහාර වංශයත් වර්ගික කාරක සභාවේ නාහිමිවරු අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයට රැස්ව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන් වෙත නා හිමියන් වෙත පිරිනැමීම සිදුකළේ ධර්මකීර්ති ශ්‍රී මංගල ගෞරව නාමය ද සමගින්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැගීමෙන් නොනැවතී වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ඓතිහාසික කූරගල රජමහා විහාරය ද සංවර්ධනය කරමින් සබරගමු පළාතේ ශාසනෝද්දීපනය උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කරමින් සිටින බව මෙහිදී සුවිශාල මෙහෙවරක් සිදු කරමින් සිටින බව මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියෝ පැවසුවා.