2023 අප්‍රේල් 13, පෙ.ව. 12:56
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් බවද කාළගුණ අනාවැකියේ සඳහන් වෙනවා.
අද (13) දහවල් 12:11 ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම සහ කෝකිලායි යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බවද වැඩිදුරටත් සඳහන්.

2026 අගෝස්තු 05, පෙ.ව. 12:22
2026 අගෝස්තු 05, පෙ.ව. 12:19
2026 අගෝස්තු 05, පෙ.ව. 12:17
2026 අගෝස්තු 05, පෙ.ව. 12:16
2026 අගෝස්තු 05, පෙ.ව. 12:15