hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 21, පෙ.ව. 1:29



අධික උෂ්ණත්වය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, පහත පියවර “දැඩි අවධානයෙන්” අනුගමනය කර ලෙසයි එම කාර්යාංශය දැනුම් දී ඇත්තේ.

  1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකි තාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
  2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
  3. පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරන කාලය අවම කිරීම
  4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීම
  5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකි තාක් යොමු වීම
  6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන් ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවදානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ, මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන්හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙන දාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග බවයි.