hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 01, පෙ.ව. 3:25



මේ දිනවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු හට ගන්නා අතර අකුණු සැර වැදීමෙන් සිදුවූ මරණයක්ද පෙරේදා වාර්තා වුණා.

පුත්තලම, පල්ලම අඩම්මන ප්‍රදේශයේ කාන්තාවක් සිය දියණිය සමඟ වෙළඳසැලකට ගොස් ආපසු වෙල්යාය මැදින් නිවසට පැමිණෙමින් සිටියදී අකුණු සැර වැදී තිබුණා.

එම අවස්ථාවේදී අකුණු සැර වැදුණු බවට අඩි කිහිපයක් ඉදිරියෙන් ඇගේ දියණිය ගමන් කර තිබීම නිසා දැරියට අනතුරක් සිදුව තිබුණේ නැහැ.

අකුණු සැර වැදීමෙන් මිය ගියේ දෙදරු මවක්.

එවන් පසුබිමක බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙන්නේ අකුණු ගසන අවස්ථාවකදී කුඹුරු, ක්‍රීඩාපිටි වැනි එළිමහන් ස්ථානවල හෝ ගස් යට නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක රැඳී සිටිය යුතු අතර බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටින ලෙසයි.

එමෙන්ම රැහැන් රහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ අකුණු ගසන අවස්ථාවකදී භාවිතයෙන් වැළකිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.