hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 නොවැම්‍බර් 28, පෙ.ව. 5:22



උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.