hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 4:43



ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 570ක් පමණ නැගෙනහිර දෙසින්) ස්ථාපිත වී පවතින ගැඹුරු පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරවවයඹ දෙසට ගමන් කර ඊයේ (07) සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම පද්ධතිය අද (08) උදෑසන වන විට නිරිතදිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇති විය හැකි බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.