2024 නොවැම්බර් 29, පෙ.ව. 12:00
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (29) දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පැවසුවා.
එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවද දැනුම්දෙනවා.
හෙට දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තු වෙනවා.
කෙසේවෙතත්, හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියාව පවතිනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇදහැල බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කරනවා.
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
30-11-24
30-11-24
30-11-24
30-11-24
29-11-24
29-11-24
28-11-24
28-11-24
28-11-24
28-11-24
28-11-24
28-11-24
27-11-24
27-11-24
26-11-24
26-11-24