2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:00
අද (29) දිනයේ එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
aද දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පළ කරනවා.
කෙසේවෙතත් හෙට දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි අතර උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇදහැලෙනු ඇති.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම්දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි සඳහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2025 ජනවාරි 22, ප.ව. 3:10
2025 ජනවාරි 22, ප.ව. 12:35
2025 ජනවාරි 22, පෙ.ව. 10:13
2025 ජනවාරි 22, පෙ.ව. 10:08
2025 ජනවාරි 22, පෙ.ව. 9:47
22-01-25
22-01-25
21-01-25
21-01-25
19-01-25
19-01-25
19-01-25
19-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25