hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 17, පෙ.ව. 3:32



දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන කාලගුණ අනාවැකියේ සඳහන්.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.