hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 14, ප.ව. 7:05



2019 වසරේ වෙසක් සැමරුම ආසන්නව තිබියදී අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ වෙසක් උත්සවය නොපැවැත්වුණා.

පසුව කොවිඩ් වසංගතයත් සමඟ 2020 සහ 2021 වසරවලදී වෙසක් සැමරුමට බාධා මතුවුණා.

ඒ හේතුවෙන් වෙසක් සැමරුම පැවැත්වීමට වසර 3ක් මෙරට ජනතාවට හැකිවුණේ නෑ.

නමුත් මේ වසරේ තිබෙන ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන්ද වෙසක් සැමරුමට බාධා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත් සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් මෙවර වෙසක් කුඩු සහ වෙසක් සැරසිලි වල අලෙවියේ ඉතා අඩුවක් ඇති බවයි වෙසක් කුඩු අලෙවිකරුවන් කියා සිටියේ.

ඉකුත් වසරේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වුවද වෙසක් කුඩු සහ සැරසිලි වලට විශාල ඉල්ලුමක් පැවති බවත්, ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙසක් කුඩු සහ සැරසිලි, ඉටිපන්දම් වල මිල අධික විම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවත් එම වෙලදුන් සඳහන් කළා.

වෙසක් කුඩු නිෂ්පාදනය කිරිම සදහා යොදා ගන්නා පාට කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම හමුවේ සමාන්‍ය කුඩු වෙසක් කුඩුවක් රු 250 සිට රු 350 වැනි මිලකට අලෙව කිරිමට සිදු වි ඇති බවයි වෙසක් කුඩු අලෙවිකරුවන් කියා සිටින්නේ.

කුඩා ඉටිපන්දමක් රු 20 කටත්, ලොකු ඉටි පන්දමක් රු 75 වැනි මිලකට අලෙවි කරන බවත්, පවතින අධික මිල යටතේ වුවද  ඉටි පන්දම් වැඩි වශයෙන් අලෙවි වන්නේ විදුලි කප්පාදුව හේතුවෙන් බවයි හැටන් නගරයේ ඉටි පන්දම් අලෙවි කරන ව්‍යාපාරිකයන්ද කියා සිටින්නේ.