hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මැයි 28, පෙ.ව. 1:28



දිවයින පුරා ඌරන් අතර, වසංගත රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසනවා.

එහි සභාපති කුලරාජ් පෙරේරා මහතා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පී.ආර්.ආර්.එස්. නමැති රෝගය මෙලෙස ව්‍යාප්ත වන බවයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප්‍රදේශ රැසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඌරුගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීම බවයි.

පෙනහළු ආසාදනය වීම තුලින් මෙම ඌරන් විජලන තත්ත්වයට පත්වී අධික නියුමෝනියා තත්ත්වයෙන් මියයන බවයි ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උසස් වෛද්‍යවරයෙකු කියා සිටියේ මෙම රෝගය 2020 වර්ෂයේ මෙරටින් පළමු වරට වාර්තා වූ අතර, වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.