hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 21, පෙ.ව. 7:02



නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලීක තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි අතර අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: