2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 10:42
ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට ඊයේ (24) කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ, එම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලකට අනුවයි .
whatsapp group හරහා සාමාජිකයන් එකතු කරගනිමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එම ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත.
ඒ, අනුව වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා 3000/= වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:06
17-08-25
17-08-25
14-08-25
14-08-25
07-08-25
07-08-25
05-08-25
05-08-25
28-07-25
28-07-25
02-07-25
02-07-25
01-05-25
01-05-25
25-04-25
25-04-25
12-04-25
12-04-25
12-03-25
12-03-25
20-02-25
20-02-25
17-02-25
17-02-25