hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 02, ප.ව. 4:48



වට්ස්ඇප් හැකවරුන්ගේ ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුනුපොළ මහතා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ එවැනි ආකාරයේ පැමිණිලි 74ක් ලැබී ඇති බවයි.

“මෙම වට්ස්ඇප් හැක්වීම් බොහෝ වෙලාවට සිදුකරනු ලබන්‌නේ ඔබට ලැබෙන නොහදුනන ඇමතුමක් හෝ ඔබ දන්නා පුද්ගලයෙකුගේ ඔන්ලයින් සාකච්ඡාවකට ඇරයුම් ලැබීමත් සමගයි. ඊට අදාළ කෝඩ් එකක් ලබාගන්න මූලික අවස්ථාවේදී බොහෝ වෙලාවට වට්ස්ඇප් හැක්වීම් බොහෝ වෙලාවට සිදුකරනු ලබන්නේ. අපි පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මොනම හේතුවක් නිසාවත් ඔබ‌ගේ කන්ටැක් ලැයිස්තුවේ සිටින පුද්ගලයින්ගෙන් වුවද කෝඩ් එකක් ඉල්ලලා ඉල්ලීමක් ලැබුනොත් එය කිසිවිටකත් නිරාවරණය කිරීමෙන් වළකින ලෙසටයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: