hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 16, පෙ.ව. 9:27



ආණ්ඩුකාරවරයකුට සිය ධුරයේ රැදිසිටිය හැක්කේ ජනාධිපතිවරයාගේ ප්‍රසාදය තිබෙන තෙක් පමණක් බවත් එයට අභියෝග කිරිමට කිසිවෙකුටවත් නොහැකි බවත් දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පවසනවා.

ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දිමක් කළහොත් වහාම ඉවත්විය යුතු බවත් එසේ දැනුම්දී තිබියදි තවදුරටත් ආණ්ඩුකාර ධුරයේ රැදි සිටිමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

මේ පිළිබද මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසුවා,

“ජනාධිපතිවරයාගේ අකමැත්තෙන් විනාඩියක්වත් ආණ්ඩුකාරධුරයේ රැදිසිටීමට. ආණ්ඩුකාරවරායට අයිතියක් නැහැ. ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වන ලෙස නිල වශයෙන් දැනුම් දිමක් කළහොත් අනිවායර්යෙන්ම අපි ඉවත් විය යුතුයි. පත්විම් බලධාරියා වන්නේ ජනාධිපතිතුමා.” 

ජනාධිපතිවරයා සිය අත්සන යටතේ හෝ අධිකාරිපත්‍රයක් යටතේ ආණ්ඩුකාරවරයා පත්කළයුතු අතර ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇතිතාක්කල් 04 ආ වන ව්‍යවස්ථානුකුලව ඔහු විසින් ධුරය දැරිය යුතු වන්නේය. ව්‍යවස්ථාවේ සදහන්ව ඇත්තේ මේ අයුරින් බවද විලි ගමගේ මහතා සදහන් කළා.