hit counter

2026 සැප්‍තැම්‍බර් මස 14 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:07



ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුලුව ට මවුබිමේ ගරුත්වය රකිමින් විශේෂ ප්‍රකාශයක් කරන්නට පැමිණි ගමනේදී ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ තෙරුවන් ආශිර්වාද ලබමින්.

අමෙරිකාවේ සැක්රමැන්ටෝ බෞද්ධ විහාරයේ මහාචාර්ය මඩවල සීලවිමල මාහිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයිය ආචාර්ය තවලම ධම්මික නාහිමි, හල්විටිගල සුජාත හිමි, එක්සත් ජාතීන්ගේ ජිනීවා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය, විදේශ අමාත්‍යාංශයේ දයානි මෙන්ඩිස් මහත්මිය ජිනීවා තානාපති කාර්යාලයේ සරිතා රණතුංග මහත්මිය හා ජිනීවාහි තුසිතා වික්‍රමනායක මහත්මිය එම අවස්‌ථාවට එක්වූහ .