hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 09, ප.ව. 12:27



ඊයේ (08) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් ඊයේ (08) දින උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවා.

මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර  නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණා.

මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස  තවත් කාන්තා නිලධාරිනියන් 05 දෙනෙකු ද සහභාගී වී සිටි බව වෙනවා.

ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල, ගුවන් සේවිකා ලක්මිණි දිසානායක, ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල සිටියා.

ඔවුන් ඊයේ (08) උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා , ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණා.

මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය ඊයේ (08) දහවල් 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන, ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.