hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 01, පෙ.ව. 11:42



දේශපාලන පක්ෂ අද (01) කම්කරු දිනය දවසේ මැයි සැමරුම් පවත්වන්න සූදානම් වුවත්, සැබෑ කම්කරුවාට සිදුව ඇත්තේ හෙට කම්කරු දිනය දවසෙත් තම දිවි සරි කරගැනීමේ සුපුරුදු ප්‍රයත්නයේ නිරත වීමටයි.

මංමාවත් වල පවිත්‍රතාව රකින පවිත්‍රතා සේවකයන්, වෙළෙඳාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන නාට්ටාමිවරුන්, වීදි වෙළෙඳුන්, අනෙකුත් කම්කරුවන් සිය දෛනික සේවා කටයුතුවල නියැලෙන්නේ නිවාඩු දිනයන් පිළිබඳ අමතක කරයි.

අද ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගෙන, ඔවුන් ගැන කතාබහ කෙරෙන දවසයි.

රට පුරා දේශපාලන පක්ෂවල මැයි රැලි, වෘත්තිය සමිතිවල මැයි සැමරුම් හෙට දවසේ මහා ඉහළින් සංවිධාන කෙරුණත් මේ කම්කරුවන් හෙට දවස ගතකරන්නෙත් එදා වේල සරිකරගැනීමට වෙහෙස වෙමින්.

“අපිට කම්කරු දිනය කියලා නිදහසක් නෑ.. වැඩ කළොත් තමා පඩි ලැබෙන්නේ. ඒ නිසා අපි එදාටත් වැඩ කරනවා.”

“හැමදාම වැඩ. නැත්නම් මේ පාරේ යන්නත් බැරි තත්ත්වයට කුණු හිටියි.”

“අද නිදහස නේ… අපේ. සමරන්න බෑනේ අපිට වැඩ දෙනවා නේ. වැඩ කළේ නැත්නම් පඩිය නෑනේ.”

“අනිවාර්යෙන්ම වැඩ කරන්න වෙනවා. නිදහසේ හිටියොත් කවුද අපිට කන්න බොන්න දෙන්නේ. අපි අත හෙල්ලුවොත් තමා කට හෙල්ලෙන්නේ.”

“අපි අදත් වැඩ මොනවා කරන්න ද?” 

“කම්කරු දවස අපිට එපා කරපු දවසක්. කඩවල් වැහුවා කියන්නේ කවුද කන්න බොන්න දෙන්නේ”