hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, ප.ව. 12:01



එක්ස්ප්‍රස්  නැවේ වන්දි මුදල් ගත්තා යැයි කියන චාමර ගුණසේකර කවුදැයි ගූගල්හි සොයන විට උඩින්ම මතුවන්නේ විජයදාස රාජපක්ෂ මහතාගේත් දෙවනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් ඡායාරූප බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (26) පැවැසුවා.

එක්ස්ප්‍රස් පර්ල් වන්දි මුදල ගැන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (26) පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසුවා.

වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය ඉතා බරපතළ වන අතර  අධිකරණ ඇමැතිවරයා ලෙස ඔහුට ආවට ගියාට කටකතා පැතිර වීමට නොහැකි බැවින් ඔහු කළ මෙම ප්‍රකාශයට  අදාළ පුද්ගලයා පිළිබඳ වහාම සොයා එම මුදල් අය කරගැනීමට පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවයි.

එම නිසා විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී යම් පුද්ගලයකුගේ නමක් කී පමණින් මෙය සැකහැර ගැනීමට නොහැකි නිසා ඔහු කළ ප්‍රකාශය ගැන කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඔහු පැවැසුවා.

 මීට සහභාගි වූ නීතිඥ සුනිල් වටගල මහතා පැවැසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණය ඔබ්බට ගොස් සිංගප්පූරු අධිකරණයේදී නඩුව විමසීමට යෑමට තදින්ම විරුද්ධ වන අතර එසේ සිදු කරන්නේ ලංකාවේ ඇති අධිකරණ පද්ධතියේ බලයක් නොමැතිකමේ ගැටලුවක් නිසා නොවන බවයි.

එමෙන්ම මෙම නෞකාවේ වන්දි මුදල වෙනත් ගිණුමකට යෑම සම්බන්ධයෙන් කරන ප්‍රකාශය සැක සහිත බවත් උදාහරණයක් ලෙස එය “පික් පොකට්කාරයෙක්  පොකට්ටුවක්  ගසා ඔහුද මෙන්න හොරා”  යැයි කියමින් දුවනවා වැනි ක්‍රියාවක් බවත් යැයි නීතිඥ සුනිල් වටගල මහතා පෙන්වා දුන්නා.

මේ නිසා මෙය වෙනත් රටක නඩු කටයුත්තක් බවට පත්කිරීම නොකළ යුතු බවත් එය ලංකාවේ අධිකරණ පද්ධතිය හරහා සිදුවිය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසුවා.