hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 30, ප.ව. 2:19



යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේ දි 2016-2018 යන කාලසිමාව තුල භාවිතා කරණු ලැබු පස් හා වැලි කියුබ් සදහා අයවිය යුතු රුපියල් දෙකෝටි හෑත්තෑ හතර ලක්ෂ දහනම දහස් හයසිය අනුවක (27,419,690) රාජ්‍යභාගය කොන්ත්‍රාත්තුව සිදුකරණු ලැබු චීන සමාගම විසින් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කළා.

මෙකී කාලසිමාව තුල යාන්ඔය ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී පස් කියුබ් දහතුන් ලක්ෂ හතලිස් තුන්දහස් අටසියදහයක් (1,343,810) සදහා අදාල කොන්ත්‍රාත් සමාගමෙන් අයවිය යුතු රාජ්‍යභාගය රුපියල් දෙකෝටි හැටඅට ලක්ෂ හෑත්තෑහයදහස් දෙසියකි.

එමෙන්ම වැලිකියුබ් තුන්දහස් තුන්සිය අනුහතක් සදහා අයවිය යුතු රාජ්‍යභාගය රුපියල් පන්ලක්ෂ හතලිස් තුන්දහස් හාරසිය අනුවකි (543,490) ඉකුත් වර්ෂය අවසාන වනවිටත් මෙකී මුදල අයකරගෙන නොතිබු අතර මෙම හිඟ මුදල නොපමාව අය කරගැනිමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබෙනවා.

මේ පිළිබද භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අදාල රාජ්‍යභාගය ගෙවන ලෙස යාන්ඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවු චින සමාගමට හා ව්‍යාපෘතියේ හිමිකාරිත්වය දරණ වාරිමාර්ග දේපාර්තමේන්තුව වෙත දන්වා ඇති බවයි.

මෙතෙක් ඔවුන් විසින් එම ගෙවිම සිදුකිරිමට කටයුතු කර නොමැති බවද කාර්යංශය විසින් විගණනයට සදහන් කොට තිබෙනවා.

මේ පිළිබද ඉදිරියේ දි වාර්මාර්ග දෙපාර්තමේන්තුව හා භූ විද්‍යා සමික්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය සාකච්ඡා කිරිමට නියමිතයි.

භූ විද්‍යා  සමික්ෂණ හා පතල් කැනිම් කාර්යංශය විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වනවා.