hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 07, පෙ.ව. 12:06



එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී පවුලේ සාමාජිකයන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල සදහන් කළා.

උත්සව සමයේදී අනාරක්ෂිත ආකාරයට ගිනිකෙළි භාවිතා කිරීම හේතුවෙන් සෑම වසරකදීම අනතුරු වාර්තා වන බැවින් අලුත් අවුරුදු සමයේදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළා.

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බවත් ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය අද වන විට කලාප දෙකක් දක්වා පාලනය කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ,

” ජනවාරි මාසය වන විට ඩෙංගු රෝගීන් දහස ඉක්මවා වාර්තා වුණා. එය අද වන විට රෝගීන් වාර්තා වන ප්‍රමාණය 200 දක්වා අඩු වී තිබෙනවා. ඒ සඳහා දේශගුණික තත්ත්වයන් ද බලපෑ බව පැවසිය යුතුයි.

ජනවාරි මාසයේ සිට වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,365ක් වාර්තා වුණා. ඉන් 7289ක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන් බව ද සඳහන් කළ යුතුයි. 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 08ක් පමණයි.

එමෙන්ම ඉදිරි කාලයේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් මර්දනය කිරීම සඳහා ඉතාමත් ක්‍රියාශීලි වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: