hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 19, පෙ.ව. 5:14



ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර යෝගා දින සැමරුම සඳහා සහභාගී වු මෙරට දේශපාලකයන් කිහිප දෙනෙකුට කිසියම් පිරිසක් කුඩ ඉසිලීමක් සිදු කරන ආකාරය දැක්වෙන ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.

ඒ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව විවේචන එල්ල කරන මොහොතක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මාධ්‍ය අංශය එම සිදුවීම ගැන පැහැදිළි කිරීමක් සිදුකර තිබුණා.

එහි දැක්වුණේ වැඩසටහන අතරතුර පෙරවරුවේ ඇද හැලුණු අනපේක්ෂිත වර්ෂාව අවස්ථාවේ පැමිණ සිටින සියලු දෙනාටම කුඩ ඉහලමින් ආවරණය සැපයීමට සංවිධායක ඉන්දියානු මහ කොමසරිස් කාර්යාලය කටයුතු කළ බවයි.

මෙය කිසිසේත්ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පමණක් ලබා දුන් විශේෂ සැලකිල්ලක් නොවන අතර, සියලු දෙනා වෙනුවෙන් අවස්ථානුකූලව ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බවයි එහි වැඩි දුරටත් දැක්වුණේ.

එසේම, ඒ සඳහා කටයුතු කරන ලද්දේ ද සංවිධායක කමිටුවේ නියෝජිතයින් වන අතර ප්‍රභූ ආරක්ෂක අංශයේ කිසිදු නිලධාරියෙකු ඊට සම්බන්ධ වී නොමැති බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසන්නේ.