hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 28, පෙ.ව. 7:18



යුවාන් වෑන්ග් 5 මෙහෙයුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර තිබුණේ අගෝස්තු 22 වනදා හම්බන්තොට වරායෙන් පිටත් වූ චීන චන්ද්‍රිකා සහ බැලස්ටික් මිසයිල ලුහුබැඳීමේ නෞකාව ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුවේ සිට දකුණු ගිණිකොන දෙසින් නාවික සැතපුම් 400ක් දුරින් සාගර පතුළ සිතියම්ගත කරමින් සිටින බවයි.

චීන අධිතාක්ෂණික නෞකාව ශ්‍රී ලංකාවෙන් පිටත් වූ පසු චීනයේ ෂැන්හයිහී ජියැන්ජින් වරායට යාත්‍රා කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් නෞකාව ආපසු චීනයට යන අතරවාරයේදී වෙනත් වරායක නතර වනවාද යන්න අවිනිශ්චිත බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

මේ අතර චීන නෞකාවක් හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමේ සිද්ධිය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අනාගතයේදී එවැනි ගැටලු මගහරවා ගැනීමට සහ මෙවැනි ප්‍රශ්න තුළින් විශ්වාසය කඩවීම්වලට ඉඩ නොතැබීම සඳහා රාමුවක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න ගැටලුව අප හමුවේ ඇති බවයි.

හින්දු පුවත්පතට අදහස් දක්වමින් මිලින්ද මොරගොඩ මහතා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා මේ බව පවසා ඇත්තේ චන්ද්‍රිකා සහ මිසයිල ලුහුබැඳිය හැකි යුවාන් වැන්ග් ෆයිව් චීන නෞකාව හම්බන්තොට වරායෙන් පිටව ගොස් දින කිහිපයකට පසුවයි.

මෙම මතභේදය සම්බන්ධයෙන් ඉන්දිය රජයට ඉහළම දැනුම්දීමක් කර ඇතැයි මිලින්ද මොරගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

මිලින්ද මොරගොඩ මහතාට අනුව මෙම චීන නෞකාවට අදාළ අවසරය ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමඟ මෙන්ම ආර්ථික අර්බුදයට තුඩුදුන් මෙරට දේශපාලන ව්‍යාකුල තත්ත්වය මධ්‍යයේයි.

එම පසුබිම තුළ ඒ සඳහා ප්‍රමාණවත් අවධානයක් දී නැතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හින්දු පුවත්පතට සඳහන් කළා.

2019 වසරේ සිට 2022 වසර දක්වා ඉන්දියාවට කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි වෙනස් පන්තිවලට අදාළ පර්යේෂණ යාත්‍රා 10ක් මෙරටට නැංගුරම් ලෑම හේතුවෙන් මෙම නෞකාවේ සංචාරය සඳහා එම පිළිවෙත අනුගමනය කර ඇතැයි ඔහු සඳහන් කළා.

මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම විශේෂිත අවස්ථාවේදී යාත්‍රා පන්ති හෝ තාක්ෂණික ක්‍රම අතර වෙනස හඳුනා ගැනීමේදී මෙරට ව්‍යාකුල තත්ත්වයකට පත්වන්නට ඇති බවයි.

අවාසනාවකට අනුමැතිය ලබාදුන් පසු එය ආපසු ගැනීම අසීරු බව ද මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම ආර්ථික හා උපාය මාර්ගික ක්ෂේත්‍රයේ ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාව සම්බන්ධයෙන් වන සබඳතාවල අනාගතය දෙස බැලීම වැදගත් බව ඔහු අවධාරණය කළා.

ඉන්දියාවේ ණය මාර්ග ඇතුළුව ඩොලර් බිලියන 3.8ක ආර්ථික ආධාරවලට අමතරව ඉන්දියාව හා කොළඹ අතර වෙළෙඳ සබඳතා, බලශක්තිය බෙදා ගැනීමේ ජාලයක් හා පුනර්ජනනීය බලශක්තිය මෙන්ම තෙල් ගබඩා කිරීමේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් පවතිනවා. 

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සඳහා ද ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් ඇතැයි ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: