hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 8:44



දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 561 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන් 705 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් 190g 792mg
අයිස් 69g 727 mg
ගංජා 04kg 296g
ගංජා පැළ 711
මාවා 01kg 34g
මදන මෝදක 02kg 173g
මත්පෙති 305

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 561 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 03 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 01 ක් සිටිනවා.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 13 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 122 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 07 ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අනාවරණය වි ඇති සැකකරුවන් 02 ක් සිටිනවා.