hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 08, ප.ව. 12:15



රාදේශීය සභා (සංශෝධන) නගර සභා (සංශෝධන) සහ මහ නගර සභා (සංශෝධන) පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් තුනෙහි ම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: