hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 12:18



පාර්ලිමේන්තු කාරක සභා බොහෝමයක යෝජනා වී ඇති තීන්දු තීරණ ඇතැම් රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව එම කාරක සභාවල සභාවල සභාපතිවරුන් චෝදනා කරනවා.

මේ පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

අදාල කාරක සභා වලින් ජනතාවගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ලබාදෙන තීන්දු කිසිදු පදනමක් නොමැතිව මෙම රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක නොකරන බවද වාර්තා වනවා.

එම නිසා ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

කතානායක වරයා මගින් මේ පිළිබඳව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ද නියමිත බවද වාර්තා වනවා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: