hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 9:02



රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට කලින් තීරණය කර තිබුණ ද එම ගණන 36 දක්වා වැඩි කිරීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (08) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතයි.

මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙක්.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවයට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: