hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:41



විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් මේවන විට රහසිගත සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම රහසිගත සාකච්ඡාවල අරමුණ වී තිබෙන්නේ ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය පරාජයට පත්කොට හදිසි මහ මැතිවරණයක් ලබාගැනීම සඳහායි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් ද දැනට පාර්ලිමේන්තුවේ නොමැති පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අරගලකරුවන් ද මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගි වන බව දැනගන්නට තිබෙනවා.

පසුගිය කාලයේ මැතිසබයේ ස්වාධීන වුවද ආණ්ඩු පක්ෂයේ රැඳී සිටි මන්ත්‍රීන් ගණනාවක් විපක්ෂයේ අසුන්ගත් අතර ළඟදීම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ පවතින බහුතරය අහිමි කරන බවට ද ප්‍රකාශ නිකුත් කර තිබුණා.

දිනෙන් දින අධික වන ජීවන වියදම සහ ආගමික ස්ථානවල විදුලිය ගාස්තු විශාල ලෙස ඉහළ නැංවීම මුල් කරගෙන ලබන සතියේ සිට උද්ඝෝෂණ මාලාවක් ද දියත් කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් සැලසුම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: