hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24



මහ බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (02) පාර්ලිමේන්තුවේ දී දීර්ඝව අදහස් දැක්වීමක් සිදු කළා.

එහි දී ඔහු කියා සිටියේ, තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අලි සබ්‍රි අමාත්‍යවරයා කියා සිටියේ, මහ බැංකුවේ උපදෙස් මත රට ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි මෙම සභාවේ සිටින කිසියම් හෝ කෙනෙකුට සිතේ නම්, එම සියලු තීන්දු තීරණ පිළිබඳ සමස්ත වගකීම තමා ගන්නා බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ කියා සිටියා,

“සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත් දාහයි. එතකොට ඒවා ගෙවනව ද ණය ගෙවනව ද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.”

https://youtu.be/ZIQw17T0hD4




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: