hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 6:44



අධිකරණ තීන්දුවට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා තවමත් තමන් බවත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට එවැනි තනතුරක් ලැබී නොමති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවද එය පිලිගෙන ඇති බවත් ඇමතිවරයා කියයි.

තත්වය එසේ තිබියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොඩ් තබාගෙන ඇතැම් පිරිස් මාධ්‍ය සාකච්ඡා පවත්වන අතර එය නීති විරෝධී බවත් ඇමතිවරයා කියා සිටියා.

එම තනතුර,ලාංචන සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු අවබාවිතා කරන කවුරුන් හෝ සිටීනම් ඔවුන්ට විරුද්ධව අධිකරණයට යන බවද අමරවීර මහතා පවසයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: