hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 11:38



මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමේදී විශාල තරුණ මන්ත්‍රීවරු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් එය දරාගත නොහැකි අයවලුන් කුමන කතා කීවත් මැතිවරණය අවසානයේ ඡන්දය ගනන් කරනවිට ඇත්තේ සියයට තුනක් බවත් එස් එම් මරික්කාර් මහතා පවසනවා.

ඊයේ (19) පැවති බොරැල්ල සමගි විහිදුම් බලකායේ රැස්වීමක් අමතමින් මරික්කාර් මහතා මේ බව කියා සිටියා.

“අපි ජයග්‍රහණය කරනකොට විශාල තරුණ මන්ත්‍රීවරු, තරුණ ඇමතිවරු ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට එන්න යනවා. මේක බලන් ඉන්න බැරුව, හූල්ලන අය, බස් ගිනි තියපු එවුන්, රට කාපු එවුන්, පෞද්ගලික විශ්ව විද් යාල ආරම්භ කරන්න දෙන්නේ නැතුව, රටේ තරුණ පරම්පරාව අනාථ කරපු අය, විවිධ කතන්දර කියනවා. ඒ අය කොහොම කිව්වත්, ඊළඟ ඡන්දෙත් ගණන් කරනකොට සීයට තුනයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

එම වීඩියෝව පහතින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: