hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 8:39



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරියෙකු ජී.එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සමඟ එක්වී තිබෙනවා.

ඒ තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලය හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතායි.

අද(26) පස්වරුවේ දී නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී ලලිත් පියුම් පෙරේරා මහතා මහාචාර්ය ජි.එල් පිරිස් මහතාගේ අතින් එහි සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, K .P.S. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: