hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 3:02



වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශය සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා අද (02) පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.

එහිදි ඔහු මේ සම්බන්ධයෙන් වූ ලැයිස්තුවක්ද ඉදිරිපත් කළා.

ජනපති උපදේශක, ජනපති මාධය අධ්‍යක්ෂ ජනරාල්, ‌මෙන්ම අධ්‍යක්ෂවරු 15ක්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු 10ක්, ඡායාරූප ශිල්පීන් 8ක්, වීඩියෝ සංස්කරණ ශිල්පීන් 4, මාධ්‍ය සහකාර 6 ක් ලෙස කාර්ය මණ්ඩලයක් ජනපති මාධ්‍ය අංශයට පවතින බව ඔහු පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

“නුවර ගිහිල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා වැඩ කරන්නේ නැති අය ගෙදර යන්න කියලා. මාධ්‍ය ඒ්කකයේ අධ්‍යක්ෂවරු කීදෙනෙක් ඉන්නවද? ජනපති පුළුවන්නම් පාර්ලිමේන්තුවට ඇවිත් කියන්න් තමන්ගේ මාධ්‍ය ඒ්කකයෙක් කියක් ඉන්නවද?දැන් මාස එක හමාරක් ගතවී තිබෙනවා. ඒ් ඒ් අයගේ කාර්යන් මොකක්ද? ඒ් අයට ගෙවන වැටුප කීයද? යන් නැත්නම් ගෙදර යවන්න. දැන් එතුමා කියනවානේ රාජ්‍ය සේවකයන් ගෙදර යන්න කියලා. මතක තියා ගන්න රාජ්‍ය ‌සේවකයෝ ඔක්කොම එකතුවෙලා ගෙදර යවපු කෙනා එයා. අද ජනපති ලේකම් කාර්යාලය පුරවන විදිහ බලන්න. රටට මේවා කියන්න එපා”

https://youtu.be/NpPwsGGGJqU




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: