hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 20, පෙ.ව. 10:07



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නෙළුම් මාවත පිහිටි එම පක්ෂ කාර්යාලයේදී

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවට වික්‍රමසිංහ මහතාට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ පොහොට්ටුවෙන් ඉවත් නොවී එහිම සිටිමින් වික්‍රමසිංහ මහතාට සහාය දීමටයි.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වික්‍රමසිංහ මහතාට නොදී වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: