hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 15, පෙ.ව. 7:58



බැසිල් රාජපක්ෂගේ අමෙරිකානු දේපළ ලැයිස්තුව නුදුරේදී ම හෙළි කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ ළඟඳීම තම දේපළ ඇති අමෙරිකාවට “චුත වීමට” නියමිත බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

හෙලිකොප්ටරය මැදමුන වලව්වේ රැඳවීමට සිදු නොවන බවත් තමා ඇතුළු නිදහස් ජනතා සන්ධානයේ පිරිස් පස්ස ‍ෙදාරින් නැවත මැදමුලන වලව්වට ඇතුළු නොවන බවත් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.

හෙලිකොප්ටරයක් නොව ජෙට් එකක් ගෙනාව ද මැදමුලන දේශපාලනයට නැවත පණ දිය නොහැකි බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවා.

හෙතෙම මෙම අදහස් පැවසුවේ පසුගිය දා පැවති දේශපාලන වැඩසටහනකට එක් වෙමින්.

“ආර්ථික අර්බුදයත් සමග මේ රට විෂම මනසකට ඇදවැටුණා. නිදහසින් පසු මේ රටේ රාජ්‍ය නායකයන් පැනලා යන තත්ත්වයක් උද්ගත වුණේ නැහැ. එතැනට මේ රට ඇදවැටෙන බව ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ ඉඳගෙන අපි ‘දන්න සිංහලෙන්’ කිව්වා. අපි එහෙම කියනකොට ගෝඨාභය රාජපක්ෂ පිළිමයක් වගේ ඉන්නවා. ටිකක් අමාරු ප්‍රශ්නයක් මතු කළොත් බැසිල්ගේ මූණ බලනවා. මට මතකයි ඩොලර් ප්‍රශ්නය මතු කළාම, ගෝඨාභය, බැසිල් දිහා බැලුවා. ‘නැහැ නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ. මුදල් හුවමාරු කරන කිහිපදෙනකු නිසා ආපු ඒ ප්‍රශ්නය මම සතියෙන් විසඳනවා’ කියලයි බැසිල් එදා සරමත් පොඩ්ඩක් උණ්ඩි කරගෙන කිව්වේ. උදය ගම්මන්පිල මැතිතුමා තෙල් ප්‍රශ්නය ඇතිවෙන්න මාස 04කට ඉහතදී කැබිනට් මණ්ඩලයේදී කිව්වා, ‘අපි කඩිනමින් තෙල් පිරිමහන වැඩපිළිවෙළකට යන්න ඕනේ’ කියලා. මම දැක්කා, බැසිල් රාජපක්ෂ මීට සතියකට පමණ පෙර රූපවාහිනී සංවාදයකදී කිව්වා ‘ඔව් ! එහෙම දෙයක් එයා කිව්වා. නමුත් මිනිස්සුන්ට අමාරු වන හින්දා මම ඒක කළේ නැහැ.’ කියා. අන්තිමේදී මේ රටේ අම්මා, තාත්තා තෙල් පෝලිම්වල දුක්විඳලා මැරෙනකොට  සනීපයක් ද දැනුනේ. මේ ඔක්කොම එකතු වෙලා අන්තිමේදී රට වලපල්ලට ගෙන ගියා. ඒ වගේම 69 ලක්ෂයක් ඡන්දය දීලා හදපු ජනවරමත් වලපල්ලට රැගෙන ගියා.” යැයි වීරවංශ මහතා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: