hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 05, ප.ව. 2:23



පක්ෂයක් ලෙස මැතිවරණයට සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ තමන් සතුටට පත්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය නිවැරදි බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද (05) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ අදහස් පළ කළා.

ඉදිරි වැඩපිළිවෙල කොහොම ද? යැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා,

“ඒක කිව්වොත් එහෙම ඔයාලා පත්තරේ දැම්මහම වැඩක් නෑනේ. මෙහෙමයි දැන් නිල වශයෙන් බැලුවොත් මැතිවරණයකට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතිං ඒක කොයි විදියට සිද්ධ වෙයිද  දන්නේ නෑ. අපි පක්ෂයක් හැටියට සුදානම් ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න.”

“රාජ්‍ය පාලනයේ නෑ මම. දැන් රාජ්‍ය පාලනය තහනම් කරලත් තියෙනවානේ 21 වැනි සංශෝධනයෙන්. රාජ්‍ය පාලනයේ නෑ. නමුත් දේශපාලනයේ ඉන්නවා. මහජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභයව ජනාධිපති කළා. එයා ඉල්ලා අස්වුණා. එතකොට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් තෝරගන්න ඕනේ. ඒ වෙලාවේ අපි තීන්දු කළා ඉතාම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරගන්න. ඒ තෝරා ගැනීම නිවැරදියි කියලා මට හිතෙනවා. මොකද පක්ෂ විපක්ෂ හැමකෙනෙක්ටම නිදහසේ දේශපාලනය කරන්න ඉඩසලසා දිය යුතුයි. පළවෙනි දේ කළානේ. අපිට දේශපාලනය කරන්න, මහ පාරට බහින්න අවස්ථාව ලබාදුන්නා. ආර්ථිකය හා අනෙකුත් ප්‍රශ්න විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

තම පක්ෂයේ සභාපතිවරයා ලෙස නිල වශයෙන් ඉන්නේ ජී.එල් පීරිස් මහතා බවයි බැසිල් රාජපක්ෂ මහතා පැවසූවේ.

“අපේ පක්ෂයේ ස්ලෝගන් එක තමා වෙනස් වෙන්න හිතන්න … බිය නොවන්න කියන එක. ඒක ඕනවාට වැඩිය කියලත් මට හිතෙනවා. දැන් ඔක්කෝමල්ලාම වෙනස්ව හිතලා තියෙන්නේ.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: