hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 29, ප.ව. 3:39



පසුගිය 27 වනදා නාවල කොස්වත්තේ තුන්වන පටුමගේ පිහිටි ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති නිදහස ජනතා සභාවේ මූලස්ථානයේ දී ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සහ නිදහස ජනතා සභාවේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා.

එහිදී ගෙන ඒමට නියමිත 21 වන ව්‍යයවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම වත්මන් අර්බූදය විසඳීම සඳහා ජාතික මහජන සභාව ඉදිරිපත් කළ 61 වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

එහිදී ජාතික සංවිධාන පාර්ශවයෙන්, ආණ්ඩුව වැඩපිළිවෙලක් නොමැතිව කටයුතු කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය අවුල් සහගත තත්වයකට ඇද වැටී රට අරාජික වන බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

එම අදහසට නිදහස ජනතා සභාවේ පාර්ශවයෙන් සහභාගි වූ නියෝජිතයන්ගේ එකඟතාවය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙසම නිෂ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවටත් ජාතික මහජන සභාව ඉදිරිපත් කළ 61 වැදෑරුම් සමාජ ගිවිසුම පදනම් ලියවිල්ලක් ලෙසට සලකා බැලිය හැකි බවට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා.

විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් එහිදී සඳහන් කර ඇත්තේ “විජේදාස රාජපක්ෂ මහතා මීට පෙර ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේදී හැසිරුණු ආකාරය දෙස නිරීක්ෂණය කරද්දී මෙවරත් අධිකරණයේදී එකඟ නොවූ රට බෙදීමට ලක් කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙතෙක් බලාත්මක කර ගැනීමට නොහැකි වූ ප‍්‍රතිපාදන බලාත්මක කිරීමට අධිකරණය නොමඟ යවමින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ මුලාවට ලක්කරමින්, ජනතාවගේ ඇසට වැලි ගසා ක‍්‍රියා කිරීමේ උත්සහායක් පවතිනවා. එතුමා ඒ බව තහවුරු කරන හැසිරීම් පසුගිය කාලය පුරා ප‍්‍රදර්ශනය කර තිබෙනවා.”

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ දැනටමත් පක්ෂ නායක හමුවේදී මෙම කරුණ සම්බන්ධයෙන් ජා.නි.පෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කාරක සභා අවස්ථාවේදී අධිකරණයේදී එකඟ නොවූ සංශෝධන ඉදිරිපත් නොකළ යුතුය යන කාරණය මතු කර ඇති බවත් එයට පක්ෂ නායකයන්ගේ ඒකමතික අනුමැතිය හිමි වූ බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: