hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:01



වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව දරුණු යෝජනාවක් ගෙනැවිත් ඇතැයිද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

“අපේම ජනතාව මර්දනයට සැලසුම් සහගතව ගෙන යන වැඩපිළිවෙලේ ඍජු ප්‍රතිඵලයක් ලෙස රට මෙලෙස ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත්වෙනවා” යැයි ද ඔහු සඳහන් කළා.

මෙම වැඩපිළිවෙලට එරෙහිව විපක්‍ෂය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, උපරිම උත්සාහයක් යොදමින් මේ මර්දනාකාරී වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

රට තුළ අධිආරක්‍ෂිත කලාප නම් කර, මිලිටරි කඳවුරක් ලෙස ස්ථාපිත කරනවා නම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම කළ නොහැකි බව ද ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළා.

මේ සියලු මර්දන සිදුවන්නේ මිනිසුන් නිශ්ශබ්ද කිරීමට බවත් රටේ පවතින මන්ද පෝෂණය, ආහාර හා ඖෂධ හිඟය ආදිය ගැන ජනතාවට තොරතුරු හෙළි කරන නිලධාරීන් පවා විමර්ශනවලට බව කියා ගෙන්වා බියකිරීමට උත්සාහ කරන බවත් කී ජී.එල් පීරිස් මහතා වැඩිදුරටත් පැවසුවා 

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: